Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 14:36

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

අයර්ලන්ත ඒ කණ්ඩායම සමග පැවති පළමු නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

හම්බන්තොට සූරියවැව ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 365 ක් රැස් කිරීමට සමත්වුණා. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 128 ක් රැස් කළා. මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ඒ කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවුනේ ලකුණු 305 ක් පමණයි. ඉෂාන් ජයරත්න කඩුලු 03 ක් දවා ගත්තා. මේ අනුව ලකුණු 60 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 14:36
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්