නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ සුරතල් මසුන් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා.
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. විවිධ වර්ගයේ මත්සයින් හා ශාක වර්ග කිහිපයක් ඔහුගේ ගමන්මලු තුළ තිබියදී සොයා ගැනුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වන බවයි රේගු නිලධාරීන් සදහන් කරන්නේ.