කෝපි කියන්නේ බොහෝ දෙනෙකුගේ කැමතිම පානයක්. දිනය ආරම්භය දී මෙන්ම දවසේ ඕනෑම වේලාවක දී කෝපි පානය කිරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. කෝපි වැඩිපුර පානය කිරීම හා එයට ඇබ්බැහි වීම අහිතකර වුවත්, කෝපි පානයෙන් සැලසෙන වාසි ද බොහෝමයක් තියනවා…
කෝපිවල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වෙනවා. එමෙන්ම කෝපිවල කාබනික සංයෝග මෙන්ම vitamin B, riboflavin, panthothenic අම්ලය, පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේන් අන්තර්ගත වෙන බවටයි සඳහන් වෙන්නේ… කෝපි මඟින් හෘදය නීරෝගී කරන අතරම, 2 වැනි වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවධානම ද අඩු කරන බවටයි සදහන් වෙන්නේ. මානසික නීරෝගීභාවයට ද කෝපි හොඳ ඔසුවක් බවටයි සඳහන් වෙන්නේ…
නමුත් කෝපි පැලෑටි වදවීයාමේ අවදානමකට ලක්ව ඇතිබව නවතම වාර්තාවකින් භෙළිවුණා.
කෝපි පැලෑටි 124ක් අතරින් සියයට 60 ක ප්‍රමාණයක් ඒ අතර වන බවයි විද්‍යාඥයන් පවසන්නේ. කෝපි පැලෑටි වර්ග සියයකට වැඩි ගණනක් වනාන්තරවල ස්වාභාවිකව වර්ධනය වනවා. ඉන් වර්ග දෙකක් පානය සදහා යොදාගන්නා බව ද විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් කෝපි පැලෑටිය ලොවෙන් වඳවී ගියොත් එහි අඩුව පිරිමසා ගැනීමට විකල්පයක් හොයාගැනීම නම් අසීරු කටයුත්තක් වෙනු නොඅනුමානයි…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/coffee.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/mexico_nayarita.jpg”]