බෝග වගාවන්ට හානි සිදු කරන සේනා දළඹු උවදුර පිලිබදව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මේ වන විට වාර්තා වනවා. අද වන විට කොළඹ දිස්ත්‍රික්කයටද සේනා දළඹුවා පැමිණ තිබෙනවා.
ආගන්තුක සේනා දළඹුවා ශ්‍රී ලංකාවෙන් පළමු වරට වාර්තා වුණේ මීට මාස තුනකට පමණ පෙරයි. මෙම දළඹුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ බඩඉරිගු, වී වැනි තෘණ කුලයේ ශාක වලටයි. අම්පාර, අනුරාධපුරය, මොනරාගල, පොළොන්නරුව, මාතර, රත්නපුරය යන දිස්ත්‍රික් වලින් සේනා දළඹු උවදුර වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයටද ව්‍යාප්ත වූ එම දළඹුවා පිලිබද කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ වගාබීමකින් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් සේනා දළඹු උවදුර පිලිබද අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. එම වගාබිමේ පැවති බඩඉරිගු, පතෝල, ආදි බෝග රැසක් මේ වන විට විනාශ වී තිබිමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවි මහතා සදහන් කරනවා. එම වගා බිම නිරික්ෂණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද එක්ව සිටියා.
මේ අතර අහංගම තල්දූව ප්‍රදේශයේ ගොවිමහතෙකු සේනා දළඹුවා මර්ධනය කිරිමට සමත්ව තිබෙනවා. අත්හදා බැලිමක් වශයෙන් කෘමි නාශක වර්ග දෙකක් භාවිතා කරමිනුයි ඔහු එය සිදු කර තිබෙන්නේ. [ot-video type=”youtube” url=”https://youtu.be/Bc_rGZKqAeA”]