සිරියාවට එල්ලවූ ඇමරිකා ගුවන් ප්රහාර වලින් සිවිල් වැසියන් හය දෙනෙක් මියගියා.
කුඩා ළමුන් හතර දෙනෙකු ද ඒ අතර වන බවයි නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නෙ. අයිඑස් ත්රස්තවාදීන් ගැවසෙන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්රහාර එල්ල වී තිබෙනවා. ඉන් ත්රස්තවාදි කඳවුරු කිහිපයක් ද විනාශ වූ බව ආරක්ෂක අංශ ප්රකාශ කළා.