කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ගේ නිවාඩු හෙට සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ සේනා දළඹු වසංගතය මර්දනය සහ ව්‍යාප්තිය සීමා කිරීමේ වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙසින්. අදාළ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් අනිවාර්යයෙන්ම ක්ෂේත්රයට යායුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ. දෛනික වාර්තා සකස් කරමින් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ ගොවියන් දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළයුතු බව ද අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.
මේ අතර සේනා දළඹුවා හේතුවෙන් වගාවට සිදුවු හානිය සදහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අනෙකුත් භෝග වලට ලබාදෙන රක්ෂණ මුදල් බඩඉරිඟු වගාවට ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. හානි අවම කිරිම සදහා කඩිනම් වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නෙ.