සියලු රසකැවිලි නිෂ්පාදන සඳහා ඉදිරියේදී සීනි බද්දක් අය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
ජනතාවගේ සීනි පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීමයි මෙහි අරමුණ. බිස්කට් නිෂ්පාදනය කරන සමාගම් වලින් ද බදු අයකිරීමට පියවර ගැනෙනවා. පැණි බීම වර්ගවල අතිරේක සීනි ප්‍රතිශතය සඳහා ද බද්දක් අයකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීටපෙර කටයුතු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය අනුව පැණි බීම මිලි ලීටර 100ක පැවතිය හැකි උපරිම සීනි ප්‍රමාණය ග්‍රෑම් 6 ක්. බදු අය කිරීමට හේතුව එය බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.