මුහුදු ආහාර අපනයනය වැඩි කිරීමට සැලසුම් කරන බව ධීවර අමාත්‍යාංශය පවසනවා.
විදෙස් වෙළෙදපොළ තුලින් වැඩි ආදායමක් ලබාගැනීමයි මෙහි අරමුණ. 2018 වසරේදී ඇමරිකා ඩොලර් මිලියන 190 ක ආදායමක් මත්ස්‍ය අපනයනයෙන් උපයා ගැණුනා. මෙරට සාගර සම්පත් තිරසර ලෙස පරිහරණය කරමින් ධීවර කර්මාන්තය නඟාසිටුවීමයි රජයේ අරමුණ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී‍්‍ර ලංකාව පාරිසරික නිර්දේශිත තත්වය යටතේ ධීවර අංශ අපනයනයන්ගෙන් හොඳම නිෂ්පාදන ලබාදෙන රටක් ලෙස ඇමරිකාවේ සීෆුඩ් වොච් වැඩසටහන මගින් ද නිර්දේශ කර තිබෙනවා.