කුමන පක්ෂයකින් කවුරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා නියත වශයෙන් ජය ගන්නා බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩල රැස්වීම ගොඩකවෙලදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතායි එය සංවිධාන කර තිබුණේ. සුවසැරිය ගිලන් රථ සේවාව රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීම ද මීට සමගාමීව සිදුවුණා. එම දිස්ත්‍රික්කය සඳහා සුවසැරිය ගිලන් රථ 14 ක් ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/IZbL2m_EUJE”]