ශ්‍රී ලංකාව සහ ඔස්ටේරිිලියාව අතර තුන්දින දිවා රාත්‍රී පුහුණු ක්රිකට්තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
පලමු ඉණිම ක්‍රීඩාකළ ඔස්ටේරිලියාව කඩුලු පහකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 316 ක්. එහිදී සිය ඉණිම අත්හිටුවා පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා පිළට පිරිනැමුවා. ඒ අනුව පලමු ඉණිම සදහා කඩුලු පහකට ලකුණු 176 ක් ලබාසිටි ශ්‍රී ලංකා පිළද ඉණිම අත්හිටුවීමටයි තීරණය කළේ. ලකුණු 140 ක් ඉදිරියෙන් සිටි ඔස්ටේරිලියාව සිය දෙවන ඉණිමේදී කඩුලු තුනකට ලකුණු 224 ක් ලබා සිටියදි යළිත් ඉණිම අත්හිටුවීමටයි කටයුතු කළේ. ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 364 ක ඉලක්කයක් හිමිවුණා. අද (19) දිනය අවසන් වනවිට ශ්‍රීලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවුයේ කඩුලු හයකට ලකුණු 131ක් පමණයි. මේ අතර ශ්‍රී ලංකාව සහ ඔස්ටේරිලියාව අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා(24) බ්‍රිස්බේන් හිදි ආරම්භ වෙනවා.