ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂය, රජය රට බෙදන්නට යනවා යැයි පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ල යක්කල මුල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ගාල්ල යක්කලමුල්ල, කරාගොඩ, පූර්වාරාම විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ආගමික වතාවත්වල නිරතවුණා. ඉන් අනතුරුවයි අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණේ. අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයපාල හෙට්ආරච්චි හා බන්දුලාල් බන්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද මෙම පුණ්යෝත්වයට එක්ව සිටියා. භික්ෂූන්වහන්සේ 150 නමක විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමුණා. විහාරාධිපති පූජ්‍ය නරාවල සිරිවිලම ස්වාමීන් වහන්සේගේ උපදෙස් මතයි එම කටයුතු සංවිධාන කර තිබුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/TcDbyohZe_8″]
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවකට ද සහභාගි වුණා. දෙවොල් දෙවියන් උදෙසා නානුමුර මංගල්‍යයක් පවත්වා ආශිර්වාද ලබා ගැනීමටයි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. මනිමේකලා දෙව්මැදුරේ පැවති විශේෂ දේව පූජාවට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණා.