පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කිරිමේ අරමුණින් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් අතර සුහද හමුවක් පැවැත්වුණා.
ඉදිරි සංවර්ධන කටයුතු සදහා මුල්‍ය සහයෝගීතාව ලබා ගැනිමේ අරමුණින් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා වොෂින්ටන් බලා පිටත් වුණා. එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිස්ටින් ලාගාඩේ මහත්මියද මුණ ගැසුනා. එහිදී මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය සදහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහයෝගය ලබා දෙන අතර තම අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින බවයි. මේ අතර අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ෆැට්රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමග ද සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.