කදුරුවෙල නගරයේ වෙළද සංකීර්ණයක හටගත් ගින්නකින් කඩ කාමර හතක් විනාශ වී තිබෙනවා.
බස් නැවතුම්පල ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලොන්නරුව ගිනි නිවිම් ඒකකය , පොලිසිය සහ ප්රදේශවාසින් එක්ව ගින්න මැඩපැවැත්විමට පියවර ගැනුණා.
ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.
මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් වන එහි කඩ කාමර හතක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.