ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු හෝමාගම ජල්තර ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිපිල්ලෑව ප්‍රදේශයේ වෙළෙදසැලකින් භාණ්ඩ ලබා ගත් පුද්ගලයෙකු රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු ලබා දුන් බවට නවගමුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර එහිදී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 8ක් සොයා ගත්තා. සැකකරු පදිංචි හෝකන්දර නිවස පරික්ෂා කිරීමේ දී තවත් රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 48 ක් හමුවූ බවයි පොලිසිය සදහන් කළේ. නෝට්ටු මුද්‍රණයට යොදා ගත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.