අඟුණකොළපැලැස්ස රැඳවූවන්ට පහරදීම පිළිබඳ දෙවන පරීක්ෂණය හෙට ඇරඹෙයි
Related Articles
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ දෙවන පරික්ෂණ කණ්ඩායම හෙට සිට සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය වසරේ නොවැම්බර් 22 වනදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරික්ෂණ කණ්ඩායම පත් කෙරුණා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී එම් නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී එම් එම් බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී ඩී ඒ ස්වර්ණලතා යන මහත්ම මහත්මීන් පරික්ෂණ කණ්ඩායමට ඇතුළත්.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment