බේරුවල හෙරොයින් මත්කුඩු සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හතර දෙනෙකු අද (18) අධිකරණයට භාරවුණා.
ඒ අනුව ඔවුන් ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි කොලඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. මීට පෙර ද බේරුවල මත්කුඩු ජාවාරමේ ප්රධාන සැකකරු ඇතුලු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ අනුව මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ගණන අටක්. බේරුවල මුහුදු තීරයේදී පසුගියදා රුපියල් මිලියන 277ක් වටිනා භෙරොයින් කිලෝග්රෑම් 231ක් අත්අඩංගුවට ගත්තා. එහි පරික්ෂණ තවදුරටත් ක්රියාත්මක බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.