සේනා නිසා හානිවු ගොවි බිම් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිම ගැන සොයා බලන බව ඇමති හැරිසන් කියයි
Related Articles
සේනා දළඹු උවදුර හේතුවෙන් හානිවු ගොවි බිම් සදහා රක්ෂණ වන්දි ලබාදීම පිළිබදව සොයා බලන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.
පූර්ණ හානියක් සිදුව ඇත්නම් හදිසි ආපදා තත්ත්වයක් යටතේ ලබාදෙන රක්ෂණ මුදල ලබාගත හැකිද යන්න පිළිබදව සොයා බලන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ. ඒ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවති සාකච්ඡාවේදි. සේනා දළඹු උවදුර හේතුවෙන් බඩඉරිඟු වගාවට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. දළඹු මර්දනය සදහා විෂ සහිත කෘමිනාශක් ද හදුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා සාකච්ඡාවේදි කියා සිටියේ. එහෙත් එමගින් ගොවින්ට සහ කෘෂි භෝග පරිභෝජනය කරන ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment