මෙරට කලා ලෝකයේ සෑම අංශයකින්ම පාහේ දක්ෂතා පෙන්වන පවුලක් විදිහට ජැක්සන් ඇන්තනී පවුල හඳුන්වන්න පුළුවන්… රංගවේදී ජැක්සන් ඇන්තනි හා කුමාරි මුණසිංහගේ දරුවන් වූ අඛිල ධනුද්ධර සහ සජිත අනුත්තර නිළි මාධවී වත්සලා විවාහ වන්නේ එකම දිනයක වීම කලා ලෝකය තුළ සුවිශේෂී සිදුවීමක්.
අඛිල ධනුද්ධර කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නේ සිය කුලුඳුල් රංගනය වූ සිරි පැරකුම් සිනමාපටයෙන් වූ අතර නිවේදකයකු ලෙස ද ඔහු ජනප්රිය චරිතයක්. සූරිය අරණෙන් විකසිත වූ සජිත අනුත්තරමේ වන විට සම්මානනීය රංගන ශිල්පියකු වී හමාරයි. ඔහු ගායකයකු ද ලෙසද ජනප්රය වෙමින් සිටිනවා. ළමා වැඩසටහන් තුළින් සිය ගමන ආරම්භ කළ මාධවී වත්සලා ළමා ගායිකාවක ලෙස අතිශය ජනාදරයට පාත්ර වුණා. මේ වන විට ඇය විවිධ අංශ හරහා සිය දක්ෂතා පෙන්වමින් සිටින දක්ෂ කලාකාරිනියක වෙයි.. මේ කලා පවුලේ සහෝදරයන් තිදෙනාගේ ව්වාහ උත්සවය එකම දිනකදී පැවැත්වීමට තීරණය කෙරුණේ මේ කලා පවුලේ සියලුම දෙනාගේ එකගත්වයෙනුයි…
ඒ අනුව අඛිල ධනුද්ධරගේ අත ගන්නේ ඇමෙන්ඩා නිකොලායි. සජිත ඇන්තනී බුවිනිකා මනීෂාගේ අත ගන්නා අතර මාධවී වත්සලා මිලාන් ධනංජයගේ ද අතිනත් ගැනීමේ සිදුවෙනවා.