ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා අද(17) වැඩ භාරගත්තා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේදී අගමික වතාවත්වලට මුල්තැන දෙමිනුයි සභාපතිවරයා සිය රාජකාරි ආරම්භ කළේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන කාවන් රත්නායක මහතා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකු ද වනවා. වරාය ක්ෂේත්රයේ පුළුල් සංවර්ධනය ඉටු කිරීම තම අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වූ වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කළා.