ඇතැම් ජනමාධ්‍ය ආයතන යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නොමග යවන සුළු සහ වැරදි සහගත තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා පවසනවා.
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට එරෙහිවන කණ්ඩායම් ගනනාවක් සිටින බවයි සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ. මීට දින කිහිපයකට පෙරදී එක්තරා රූපවාහිනී නාලිකාවක් සිය කතාවකින් එක් කොටසක් පමණක් උපුටා දක්වමින් කරුණු විකෘතිකර ඉදිරිපත් කළ බව ඒ මහතා කියා සිටිනවා. අදාළ පුවත මගින් ඉදිරිපත් කළ කරුණු සහ තමන්ගේ මතය සහමුලින් පරස්පර බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඇතැම් මුද්‍රිත මාධ්‍ය මගින්ද සිය අදහස් විකෘති වන ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් සිටින බව සුමන්තිරන් මහතා පවසනවා. ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කර ඇති යෝජනා තුළින් රට බෙදීම සදහා කිසිදු ආකාරයේ කරුණක් ඉදිරිපත් කළේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.