Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455 ක ණය අධාර

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 16:27

ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455 ක ණය අධාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබෙනවා. මෙම එකගතාව පළකර ඇත්තේ පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි සභාපති තකෙහිකෝ නකාඕ මහතා හමුවූ අවස්තාවේදීයි.

පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (17)පෙරවරුවේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී එහි සභාපති තකෙහිකෝ නකාඕ මහතා සමග පැවති සාකච්ඡාවේදී එකගතාව පළකර ඇති එක් ව්‍යාපෘතියක් වන්නේ කොළඹ වරායට පිවිසීම සදහා කුළුණු සහිත මාර්ගයක් ඉදිකිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ලබාදීමටයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සදහා ආර්ථික සහයෝගය සැපයීමේ ප්‍රතිපත්ති රාමුව තුළ මෙම එකඟතාවය පළ වී තිබෙනවා. මීට අමතරව ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 145 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදීමට එකගවී ඇත්තේ විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නගර සංවර්ධන ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබා දීමට ද එකගතාව පළකර තිබෙනවා. මෙම එකගතාවන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නකාඕ මහතා අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරුණා.

ජනාධිපතිතුමා එහිදී අදහස් දක්වමින් සදහන් කළේ ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවයි. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සදහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබා දීමට ඇති හැකියාව පිළිබද සොයා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එහිදී සදහන් කළා. ජනාධිපතිතුමා තවරදුටත් කියා සිටියේ ශ්‍රී ලංකාව නියගය සහ ගංවතුර යන දෙකෙන්ම පීඩාවට පත්වන අතර ඊට මුහුණ දීම සදහා වඩා විධිමත් වැඩපිලිවෙළක අවශ්‍යතාව මතුව ඇති බවයි.  දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සදහා සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මෙහිදී එකගතාව පළකළා. බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික, පරිසර, වන සංරක්ෂණ, ආදී විවිධ ක්ෂේත්‍රවලින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් සිටිනවා. එහි සභාපතිවරයා සදහන් කළේ එම සහාය අඛණ්ඩව ඉදිරියට ලබා දීමට කටයුතු කරන බවයි.  එමෙන්ම වාරි මාර්ග, මහා මාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති සදහා ද ඉදිරියේදී  සහාය දැක්වීමට අපේක්ෂා කරන බව තකෙහිකෝ නකාඕ මහතා සදහන් කළා. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂෙත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබදව සතුටු වන බවත් මෙරට සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබදව ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බවත් ඔහු තවදුරටත් පැවසුවා. මෙරට භෝග වගාවට සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබදව ද ජනාධිපතිතුමා,තකෙහිකෝ නකාඕ මහතා සමග සාකච්ඡා කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 16:27
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්