නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදාගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ඒ නැගෙනහිර නාවික විධානයට අයත් කණ්ඩායමක් කෝකිලායි කලපුව ආශ්රිතව සිදු කළ සෝදිසියකදී. ඉදිරි නීතිමය කටයුතු සදහා එම ධීවර දැල් කුච්චවේලි ධීවර පරික්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා.