මෙගාලයා පතල් අනතුරෙන් අතුරුදන් වූ කම්කරුවෙකුගේ සිරුර සොයාගැනීමට මෙහෙයුම් කණ්ඩායමට හැකිවුණා.
ඉතිරි පහලොස් දෙනා පිලිබද මෙතෙක් තොරතුරු නැති බවයි එම කණ්ඩායම් පවසන්නේ. පතල් අනතුර සිදුවුණේ පසුගිය දෙසැම්බර් 13 වනදා. අතුරුදන්වූවන් සොයා මාසයකට වැඩි කාලයක් අඛණ්ඩව මෙහෙයුම් සිදුකෙරුණා. පතල කඩා වැටීමෙන් ජල ගැලීම් තත්වයක් ද හටගත් බැවින් එම මෙහෙයුම් දුෂ්කර වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.