යුද හමුදාව භාවිත කළ උතුරේ ඉඩම් අක්කර එක්දහස් දෙසිය දෙකක් යළි මුල් අයිතිකරුවන් වෙත ලබාදීමේ තවත් අදිරයක් ලබන සදුදා ආරම්භ කෙරෙනවා.
යුද සමයේදී යුද හමුදාව වෙත පවරාගත් ඉඩම් මුල් අයිතිකරුවන් වෙත ලබාදීම අදිරය කිහිපයක් යටතේ මේ වන විටත් ක්රියාත්මක කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ හමුදාව පරිහරණය කළ ඉඩම් අයිතිකරුවන් වෙත ලබාදීම සිදු කෙරෙනවා.
කිලිනොච්චි දිස්ත්රික්කයේ අක්කර 972 ක්,මුලතිව් දිස්ත්රික්කයේ අක්කර 120 ක භූමි ප්රදේශයක යුද හමුදාව වගා කටයුතු සිදු කර තිබුණා. නාච්චිකුඩා, වෙල්ලකුලම් හා උදයාර්කට්ටුකුලම් යන ප්රදේශවල ඉඩම් මෙසේ නිදහස් කෙරෙනවා.
මීට සමගාමීව යාපනය දිස්ත්රික්කයේ අක්කර 46 ක් සහ වවුනියා දිස්ත්රික්කයේ අක්කර 63 ක් මුල් අයිතිකරුවන් වෙත ලබාදීමටද නියමිතයි.