ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව පවරා ඇති නඩුව අප්‍රේල් 03 වනදා යළි කැදවීමට අධිකරණය නියෝග කළා.
පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළා යැයි කියන සිද්ධියේ වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නැමැත්තාට රැකවරණ ලබා දුන් බවටයි රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔහුට එරෙහි පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. නඩුව යළි අප්‍රේල් 03 වනදා යළි කැදවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. 2007 වසරේදී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා පසුගිය අගෝස්තු 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.