ලතින් ඇමරිකා කලාපයේ දරිද්‍රතා මට්ටම ඉහළගොස් ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.
ජගත් සංවිධාන ආර්ථික කොමිසම ඒ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් සිදුකර තිබෙනවා. චිලි, වෙනිසියුලා, කොළොම්බියා සහ බ්රසිලය ඇතුළු රටවල් පිළිබඳවයි මෙහිදී විශේෂ අවධානය යොමු වුණේ. මිලියන 184කට වැඩි පිරිසක් දැඩි දිළිදු මට්ටමේ පසුවන බවයි අධ්‍යනයෙන් හෙළිව තිබෙන්නේ.