ද්විත්ව ශූරතාව වෙළඳ සේවා පැසිපන්දු කණ්ඩායමට
Related Articles
52 වන ජාතික ජ්‍යෙෂ්ඨ පැසිපන්දු තරගාවලියේ ද්විත්ව ශූරතා දිනා ගැනීමට වෙළඳ සේවා පැසිපන්දු කණ්ඩායම් සමත්වුණා.
කණ්ඩායම් 18 ක් තරග වැදුනු ජාතික ජ්‍යෙෂ්ඨ පැසිපන්දු ශූරතාවලිය පැවැත්වුනේ කොළඹ ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදීයි. තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගය වෙළද සේවා පිරිමි පැසිපන්දු කණ්ඩායම හා කොළඹ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී ලකුණු 68 ට 47 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට වෙළදසේවා පිරිමි කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ කාන්තා අවසන් තරගය පැවැත්වුනේ වෙළද සේවා කාන්තා පැසිපන්දු කණ්ඩායම හා යුද හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම අතරයි. උණුසම් මුහුණුවරක් ගත් මෙම තරගයේදී වෙළද සේවා කණ්ඩායම ලකුණු 61 ට 48 ක් ලෙස ජය වාර්තා කළා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment