ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි හරිත ගම්මානයකයි පිපිරීම සිදුව තිබෙන්නේ. එම ගම්මානයේ විදේශීකයින්ගේ නවාතැන් මෙන්ම ජාත්‍යන්තර ආයතන සහ සංවිධාන පිහිටි ස්ථානයක් ද වනවා. එම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ආසනනයේ පිහිටි ආරක්ෂිත කලාපයක නවතා තිබු කාර් රථයක් මෙලෙස පුපුරවා හැර තිබෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 93කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 24 දෙනෙකු කුඩා දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.