ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ ආගමික නායකවරයා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ ආගමික නායක, අධ්‍යාත්මික නායක අතිඋතුම් ආචාර්ය සියෙද්නා මුෆාද්දල් සයිෆුදීන්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ ඒ මහතාගේ නිල නිවසේදීයි. නාමල් රාජපක්ෂ හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවට එක්වුණා.