Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන්ට සිදුවන බලපෑම් ගැන වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:13

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන්ට සිදුවන බලපෑම් ගැන වාර්තාවක්

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන්ට සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ශිෂ්‍යත්ව විභාග සමාලෝචන කමිටුව වාර්තාවක් නිකුත් කළා.කමිටු සාමාජික ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පී එම් විජේවර්ධන මහතා එය සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. විභාගය හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු රැසක් ඉන් දක්වා තිබෙනවා.

අධික මානසික පීඩනය , බුද්ධි වර්ධනය දුර්වලවීම, දරුවන්ගේ ළමා කාලය අහිමිවීම , කි‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිවීම හා උසස් අන්දමින් ලකුණු ලබාගත් දරුවන් ද විභාගය මගින් අසමත් කර තිබීම ඊට අයත්. 5 ශිෂ්‍යත්වය හේතුවෙන් සිදුවිය හැකි වාසි දෙකක් එහි දැක්වෙනවා. ජනපි‍්‍රය පාසලක් තෝරා ගැනිම හා ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීමයි ඊට ඇතුලත් වන්නේ.

එහෙත් වාර්තාවෙන් දක්වා ඇති අවාසි සංඛ්‍යාව අටක්. අධික මානසික ආතතිය නිසා මොලයට හානි සිදුවීම ,  පෞරුෂත්වය දුර්වලවීම හා ශාරීරික ආබාධ ඇතිවීමත් ඒ අතර වනවා. සාමාජීය ගැටලු , ආර්ථික ප‍්‍රශ්න , සාරධර්ම පිරිහීම හා ඉන් සිදුවිය හැකි බවයි වාර්තාවේ දක්වා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්