ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප භාණ්ඩාගාරික තනතුර සදහා ඉදිරිපත් වූ ගිහාන් වීරසිංහ මහතාගේ නාමයෝජනාව හැර සෙසු නාමයෝජනා සියල්ල පිළිගැනීමට නිලවරණ කමිටුව තීරණය කර තිබෙනවා. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලබන 07 වනදායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සදහා මොහාන් ද සිල්වා, ෂම්මි සිල්වා, ජයන්ත ධර්මදාස හා කේ මතිවානන් යන මහත්වරුන් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ නාමයෝජනා පිළිගනිමින් නිලවරණය සදහා ඉදිරිපත් වන පිළිගත් අපේක්ෂක ලැයිස්තුව අද නිකුත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් සභාපති තනතුර සදහා ඉදිරිපත්ව ඇති ජයන්ත ධර්මදාස මහතා ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සිය නාමයෝජනාව ඉදිරිපත් කර ඇති බව ඇතැමුන් පෙන්වා දෙන්වා. ඒ ක්‍රීඩා පනතේ හතර ඈ වගන්තියට අනුව ක්‍රීඩා කර නොමැති අයෙකුවීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම වගන්තියේ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්නම් නාමයෝජනා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන බව සදහන් කර තිබෙනවා. ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ ක්‍රීඩකයෙකු ලෙස නොව නිලධාරියෙකු ලෙසයි. එය පදනම් කරගනිමිනුයි ක්‍රිකට් නිලවරණ කමිටුව මෙම නාමයෝජනාව පිළිගැනීමට කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම වගන්තිය පාදක කරගනිමින් 2016 වසරේදී ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ජාතික වොලිබෝල් සම්මේලන සභාපතිධූරයෙන් ඉවත් වුණා.