Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල්ට එරෙහි නඩුව මාර්තු 27 කැඳවීමට මහාධිකරණය නියෝග කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 12:11

විමල්ට එරෙහි නඩුව මාර්තු 27 කැඳවීමට මහාධිකරණය නියෝග කරයි

හිටපු  අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ගොනුකළ නඩුවක් මාර්තු විසිහත්වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව පවරා ඇත්තේ වසර හයක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා මුදල් සහ දේපළ අයථා ආකාරයට උපයාගෙන ඇති බව පවසමින්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේයි. මෙම නඩුවට අදාළ හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංකයකට අදාළව එම බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශ වීමට විත්ති පාර්ශ්වයට අද අධිකරණය අවසර ලබා දුන්නා. එහිදී අධිකරණය විත්ති පාර්ශ්වය ඉල්ලා සිටියේ එම බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශ වීමට නියෝගයක් නොමැති නිසා ඊට අදාළ අවසරය ලබා දෙන ලෙසයි.  විමල් වීරවංශ මහතා 2009 වර්ෂයේ ජනවාරි පළමුවනදා සිට 2014 දෙසැම්බර් මස 31 අතර කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ තම ආදායම් මෙන් උපයාගත නොහැකි මුදල් සහ දේපල උපයා ඇති බවට අල්ලස් කොමිසම චෝදනා ගොනුකර තිබෙනවා. සිද්ධීන් 39ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව මහාධිකරණයේ චෝදනා ගොනුකර ඇති අතර ඉන් පෙන්වා දෙන්නේ අල්ලස් පනතේ විසිතුන වගන්තියට අනුව වරදක් කර ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 12:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්