Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි රෝහලේ අලි ප්‍රතිකාර…

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 16:45

අලි රෝහලේ අලි ප්‍රතිකාර…

තුවාල ලබන සහ විවිධ රෝගාබාධවලට ලක්වන අලින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රථම අලි රෝහල ඉන්දියාවේ අග්‍රා පුරවරයේ චුර්මුරා ගම්මානයේ විවෘත කෙරුණා.

ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, දන්ත එක්ස් කිරණ යන්ත්‍ර, අල්ට්‍රාසොනොග්‍රැෆි ඇතුළු නවීන උපකරණවලින් සමන්විත මෙම රෝහලේ තුවාල ලබන අලින්ට නේවාසිකව ප්‍රතිකාර කරන බවයි එම රෝහල ඉදිකිරීමට දායක වූ වන සත්ත්ව සංවිධානය ප්‍රකාශ කරන්නේ.

දැනටමත් එම සංවිධානය විසින් අලි 20 දෙනෙකුට පමණ ප්‍රතිකාර කරනු ලබන අතර, වඩාත් බරපතල අලි රෝහලට ඇතුළත් කෙරෙන අතර මෙහි සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවයි එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ…

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 16:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්