ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග සැකකරුවන් 18ක් මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නවීන් පහසුකම් සහිත මෝටර් රථ තුනක් ද සැකකරුවන් ලග තිබී සොයා ගැනුනා.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ලැබුණ තොරතුකට අනුව වැටලීම සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, හොරොව්පතාන, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිට තිබෙනවා. ඇමෙරිකා ඩොලර් මිලියන ගණනක් වටිනා මෙම නෝට්ටු ඔවුන්ට ලැබුණු ආකාරය පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.