76 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා – ටෙලිවිෂන් සම්මාන උලෙළ පසුගියදා අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණේ කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන්හි දී යි.. මෙවර සම්මාන ප්රදානෝත්සවය මෙහෙයවනු ලැබූයේ, කැනේඩියානු නිළි සැන්ඩ්‍රා ඕ සහ අමෙරිකානු නළු ඇන්ඩි සැම්බර්ග් විසිනුයි. මෙවර හොඳම නාටකීය චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ, බටහිර සංගීත ලෝකය තුළ ඉහල ජනප්‍රියත්වක් දිනූ සංගීත කණ්ඩායම් අතර බ්‍රිතාන්‍යයේ Queens (ක්වීන්ස්) සංගීත කණ්ඩායමේ ෆ්‍රෙඩී මර්කරිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ Bohemian Rhapsody චිත්‍රපටය යි. මීට අමතරව 2019 ගෝල්ඩන් ග්ලෝබ් සම්මානවලින් පිදුම් ලැබූවන් මෙසේයි…
හොඳම නළුවා (නාටකීය) – රමි මලෙක් – Bohemian Rhapsody
හොඳම නිළිය (නාටකීය) – ග්ලේන් ක්ලෝස් – The Wife
හොඳම චිත්‍රපටය (හාස්‍ය/ සංගීතමය) – Green Book
හොඳම නළුවා (හාස්‍ය/සංගීතමය) – ක්‍රිස්ටියන් බේල් – Vice
හොඳම නිළිය (හාස්‍ය/ සංගීතමය) – ඔලිවියා කෝල්මන් – The Favourite
හොඳම සහය නළුවා – මාර්ෂෙලා අලී – Green Book
හොඳම සහය නිළිය – රෙජීනා කිංග් – If Beale Street Could Talk
හොඳම අධ්‍යක්ෂණය – අල්ෆොන්සෝ කූරොන් – Roma
හොඳම තිරරචනය – බ්‍රයන් හේයස්, පීටර් ෆෙරලි, නික් වෙලෙන්ගා – Green Book
හොඳම ස්වීය තිරරචනය – ජස්ටින් හර්විස්ට් – First Man
හොඳම ස්වීය ගීතය – “Shallow” – A Star Is Born
හොඳම සජීවකරණ චිත්‍රපටය – Spider-Man: Into the Spider-Verse
හොඳම විදෙස් චිත්‍රපටය – Roma (මෙක්සිකෝව)
Vice චිත්‍රපටය මෙවර සම්මාන උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටිය ද වැඩිම සම්මාන සංඛ්‍යාව ලෙස සම්මාන ත්‍රිත්වයක් දිනා ගත්තේ A Star Is Born චිත්‍රපටය යි.
මෙවර ද රතු පලසේ මෝස්තර කැපී පෙනුණි. හොඳම සහය නිළිය සම්මානයට නිර්දේශ නාම ලබා සිටි එමා ස්ටෝන් පැමිණියේ කුඩා වීදුරු නල 63,000කින් හැඩ කළ ඇඳුමකින් සැරසී ගෙනයි. මෙවර ලේඩි ගාගා ගැන ද කතා බහ විශේෂ වූයේ A Star Is Born චිත්‍රපටය සමඟින්. ඇය රංගනයෙන් දායක වු එම චිත්‍රපටය තෙවැනි ප්‍රතිනිර්මාණය යි. ලේඩි ගාගා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට පැමිණියේ 1954 වසරේදී ඒ Star Is Born චිත්‍රපටයේ එම චරිතයට පණ පෙවූ ජූඩි ගාර්ලන්ඩ් විසින් වරෙක ඇඳී ඇඳුමකට සමාන වන ලෙසින් සැකසු ගවුමකින් සැරසීගෙනයි. පොප් ගායකයකු සහ නළුවකු වන බිලී පෝර්ටර්ගේ ඇඳුම ද රතු පලසේ මෝස්තර අතර කැපී පෙනුණි. ඉන් ඡායාරූප කිහිපයක් මෙසේයි..
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/105083967_malekgetty.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/76th-annual-golden-globe-awards-pictured-emma-stone-arrives-news-photo-1078337888-1546826158.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/1078346080.jpg.0.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/alishutterstock_10048070av.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/Emma-Stone-In-Louis-Vuitton-2019-Golden-Globe-Awards.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/Golden-Globes-2019.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/lady-gaga-mark-ronson-andrew-wyatt-anthony-rossomando-golden-globes-2018-billboard-1548.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/LVQVXEBBYFFGVNOQ7FGAFJIP6Y.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/sandra-oh-1-t.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/sandra-oh-golden-globe.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/shutterstock_editorial_10048165p_huge.jpg”]