ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි පිල සහ ශ්රී ලංකා පොලිස් රග්බි පිල අතර තරගය ගුවන් හමුදා රග්බි පිටියේදී පැවැත්වුණා. එහිදී ලකුණු 16ට 07ක් ලෙස ජය වාර්තා කළේ ගුවන් හමුදා රග්බි පිලයි.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ දෙවන සති අන්තයේ තරගයක් ලෙසයි මෙය පැවැත්වුණේ. තරගයේ පලමු අර්ධය නිමා වන විට ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි පිල ලකුණූ 08 ක් ලබා ගත්තා. ශ්රී ලංකා පොලිස් රග්බි පිල ලබාගත්තෙ ලකුණු 07 ක් පමණයි. තරගය නිමා වන විට ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි පිල ලකුණු 16 ක් ලබා ගත්තා. එයට උත්සාහක දිනුම් 02 ක් සහ දඩුවම් පහර 02 ඇතුළත්.