නිවසේ සුරතලා වෙන්නේ සුනඛයා. බොහෝ නිවෙස්වල සුනඛයන් ඇති දැඩි කරනවා.. එමෙන්ම සුනඛයන්ට වැළදෙන බොහෝ රෝග නිවැසියන්ටද වැළදීමේ අවධානමක් පවතිනවා.. විශේෂයෙන්ම සුනඛයන්ට වැළදෙන අක්ෂි රෝග තත්ත්ව පිළිබඳව සෑම දෙනෙකුම අවධානයෙන් සිටිය යුතු වෙනවා..
විශේෂයෙන්ම අලස බැවින් යුක්ත සහ ඇස්වල රෝගී ලක්ෂණ සහිත සුනඛයන් ඔබේ නිවසේත් ඇත්නම් වහාම පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් පරීක්ෂාකරගත යුතුයි. වෛද්‍යවරුන් පවසන්නේ එම රෝගය ට්‍රිපනසොමා නමින් හැදින්වෙන බවයි…
ට්‍රිපනසොමා නැමැති රෝගී තත්ත්වයෙන් සුනඛයින් ආරක්ෂා කර ගැනීම සඳහා එම පරීක්ෂාව කරගත යුතුව ඇති බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන්නේ..
ශ්‍රී ලංකාව තුළ මෙම සුනඛ රෝගය ප්‍රචලිත නොවුණත් බලංගොඩ හා මුලතිව් ප්‍රදේශවල සුනඛයන් දෙදෙනෙකු ට්‍රිපනසොමා රෝගයට ගොදුරුවී සිටිය දී සොයා ගත් බවයි වෛද්‍යවරුන් පවසන්නේ..
ට්‍රිපනසොමා නැමැති එම රෝගය මිනිසුන්ට වැළදීමේ අවදානමක් ඇති බව පැවසන වෛද්‍යවරු පවසන්නේ මෙරටින් එම රෝගය වැළදුණු පුද්ගලයන් පිළිබදව වාර්තා වී නැති බවයි.
නමුත් අප්‍රිකාව වැනි රටවල මේ රෝගය බහුලවශයෙන් පවතින බව ද පවසන වෛද්‍යවරු කියා සිටින්නේ ජනතාව මෙම සුනඛ රෝගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/105117868_1.jpg”]