සිංහරාජ රක්ෂිතය ආශි‍්‍රත මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පළවන බව අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළා. එය කිසිවිටෙකත් සිංහරාජ රක්ෂිතයට හානියක්වන ආකාරයේ ඉදිකිරීමක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. 1970 වර්ෂයේ සිට එම මාර්ගය වනාන්තරයේ ආරක්ෂක කටයුතු සඳහා භාවිත කර තිබෙනවා. එහි ප්‍රතිසංස්කරණ කටයුතු පමණක් මේ වනවිට සිදුකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පානීය ජල බෝතල් සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ප්ලාස්ටික් භාවිතයෙන් පරිසරයට දැඩි හානි සිදුවන බවයි අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වාදුන්නේ.
පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙල ගණනාවක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව ද අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළා.