ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වල පොළිය මත අය කරන රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
දැනට එය මාසිකව ලැබෙන පොළී ආදායම රුපියල් එක් ලක්ෂ විසිපන් දහස වන තෙක් බද්දෙන් නිදහස්. නව රෙගුලාසි අනුව එම සීමාව දෙලක්ෂ පනස් දහස දක්වා දෙගුණයක් වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මාසික පොළී ආදායම රුපියල් දෙලක්ෂ පනස් දහසට වැඩි ජේ්‍යෂ්ඨ පුරවැසි ගිණුම් වලින් පමණක් වැඩිවන ප්‍රමාණය මත 5 %ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරෙනවා. නව බදු සීමාවන් අප්‍රේල් පළවෙනිදා සිට කි‍්‍රයාත්මකයි.