වර්තමානයට ගැලපෙන පරිදි තැපැල් සේවාව විධිමත් කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලිීම් මහතා ප්‍රකාශ කළා. තැපැල් කාර්යාල වලින් රක්ෂණ වාරික ගෙවීමට පහසුකම් සලසා තිබෙනවා. දිවයින පුරා පිහිටි පරිගණක පහසුකම් සහිත තැපැල් කාර්යාල සංඛ්‍යාව 657 ක්. උප තැපැල් කාර්යාල 200 කින් ද මෙම පහසුකම් ජනතාවට ලබාගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
රක්ෂණ වාරික තැපැල් කාර්යාල වලට ගෙවිමෙන් පසු ලැබෙන රිසිට්පත වර්ෂය පුරාම වලංගු බවත් අබ්දුල් හලීම් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙරට සියලුම රක්ෂණ සමාගම් මෙම වැඩපිළිවෙලට දායක කර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.