නැගෙනහිර කියුබාවේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කියුබාවේ බරාකොවා සිට හවානා නගරය දක්වා ගමන්කළ බස් රථයකුයි මෙසේ අනතුරට ලක්වුනේ. එහි සංචාරකයින් පිරිසක් ගමන් කරමින් සිටි බව ද සදහන්. අනතුරින් තිස්තුන් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. බස්රථය ධාවනය කරන අවස්ථාවේදී මාර්ගය ලිස්සන සුළු තත්ත්වයේ පැවති බවයි පරික්ෂණවලින් හෙළිවී ඇත්තේ. බස් රථය තවත් මෝටර් රථයක් පසුකිරීමට යාමට උත්සාහ කිරීමේදීයි අනතුර සිදුව තිබෙන්නේ.