චීනයේ ෂිංජියැන් පළාතේ භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක පහයි දශම එකක් ලෙසයි සටහන් වුණේ.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමිටර් දහයක පමණ ගැඹුරෙන් භූ කම්පනය හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ ෂිංජියැන් පළාතේ ප්‍රදේශ රැසක විදුලියද ඇණ හිට තිබෙනවා. භූ කම්පනයත් සමග ජනතාව ගොඩනැගිලිවලින් කඩිනමින් පිටතට පැමිණ ඇති බවද සදහන්. කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැති බවද එරට වාර්තා සදහන් කරනවා.