Life+News The Official News Portal of Independent Television Network Ltd

මැසිඩෝනියා රජයේ නම වෙනස් කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 13:30

මැසිඩෝනියා රජයේ නම වෙනස් කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

මැසිඩෝනියා රජයේ නම වෙනස් කිරිම සදහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මැසිඩෝනියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝදනයට බහුතර බලය හිමි වුණා. ඒ අනුව උතුරු මැසිඩෝනියා ජනරජය ලෙසයි නම් කෙරෙන්නේ. එරට අග්‍රාමාත්‍ය සොරන් සෝ එරට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිකර ගත්තා. කෙසේ වුවද  විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා දැඩි විරෝධයක් පළ කරනවා. පාර්මේන්තුවෙන් පිටතද විරෝධතාවයක් පවතින බවයි වාර්තා වන්නේ.  මෙම පනත් කෙටුම්පත දේශාද්‍රෝහී  බවයි ඔවුන් සදහන් කරන්නේ. මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරිමට මුලික හේතු වුයේ ග්‍රීසියේද මැසිඩෝනියා නමින් පළාතක් පැවතිමයි. මේ හේතුවෙන් වසර විසි හතක් මුලුල්ලේ දෙරට අතර ගැටුම් හට ගත්තා.  මෙම සංශෝදනය ග්‍රීක පර්ලිමේන්තුවේද අනුමත විය යුතු අතර එරට අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රස්ගේ අනුමැතියද හිමි විය යුතුයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 13:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්