වර්ෂාව නොමැතිකමින් වලවේ කලාපයේ රටකජු ගොවීන් මේ දිනවල දැඩි අපහසුතාවකට ලක්ව සිටිනවා.
ඇඹිලිපිටිය ප්රදේශයට මේ දිනවල දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. රටකජු අස්වනු නෙලීමේ කාලය පැමිණ ඇති බැවින් එම ප්රදේශයේ ගොවීන් මෙම වියළි කාලගුණය හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි. පස වියළී ඇති බැවින් රටකජු ගැලවීම අපහසුවී තිබෙනවා. වලවේ කලාපය අක්කර දහසකට අධික ප්රමාණයක රටකජු වගාකර තිබෙනවා. අක්කරයක රටකජු වගා කිරීමට රුපියල් හතලිස්දහසක පමණ මුදලක් වැයවන අතර වර්ෂාව ලැබුණහොත් එයින් රුපියල් ලක්ෂයක ආදායමත් ලැබිය හැකි බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/TEzj6inPAM4″]