අධ්‍යාපන ක්ෂේත්රය තුළ නව ප්රවණතා රැසක් ඇති කිරීමට කටයුතු කළ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, සුරක්ෂා සිසු රක්ෂණාවරණය, පාසල් විෂය මාලා නවීකරණය, පාසල් මානව සහ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම ඒ අතර වෙනවා.
ශිෂ්‍ය උපදේශනය සඳහා අලුතින් 3800 දෙනෙකු ළඟදීම බඳවා ගන්නා බවයි අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ.
කුරුණෑගල ශි‍්‍රමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ නව තුන් මහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
තුන් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් කෝටි 6 ක්.