උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. 2017 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා රාජ්‍ය විශ්වවිද්‍යාලයට තේරී පත් නොවූ සිසුන් සදහා මෙම ණය ආධාර සදහා ඉල්ලුම් කළ හැකියි. ණය මුදල රුපියල් ලක්ෂ අටක උපරිමයක් දක්වා ලබාදීමටයි කටයුතු කෙරෙන්නේ. රුපියල් ලක්ෂ තුනක පොළී රහිත ශිෂ්‍යාධාර ණයක් ද මෙහිදී ලබා ගත හැකි වනවා.