රෝහල් 500 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඩිජිටල්කරණයට ලක්කර ඇති බව අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු ඩිජිටල් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ලිපිගොනු හා කාර්ය ප්‍රවාහ, කළමනාකරණ ක්‍රමවේදය ජාලගත කිරීම මෙහි පළමු අදියර යටතේ සිදුවනවා. ඒ අනුව ඖෂධ, වෛද්‍ය උපකරණ හා සමස්ත නිෂ්පාදන ලියාපදිංචිවන්නන්ගේ විස්තර ගොනු සැකසීම සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම අන්තරායකර ඖෂධ පාලනය, පෞද්ගලික භාවිතය සදහා ඖෂධ ආයතන මෙන්ම ඖෂධ ශාලා ලියාපදිංචිය ආදිය ද පළමු අදියරේදී සිදු කෙරෙනවා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/eWlkMN6SpDI”]