Life+News The Official News Portal of Independent Television Network Ltd

නැත්ත වෙනුවට ඇත්ත නීති විරෝධීයි. ටිල්වින්ට විමල්ගෙන් කෝටියක වන්දි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 11:25

නැත්ත වෙනුවට ඇත්ත නීති විරෝධීයි. ටිල්වින්ට විමල්ගෙන් කෝටියක වන්දි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන දහයක වන්දි මුදලක් ගෙවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසු විමල් වීරවංශ මහතා නැත්ත වෙනුවට ඇත්ත නමැති කෘතිය බුද්ධිමය දේපල පනතේ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි රචනා කර ඇති බවට තීන්දු කරමිනුයි මෙම දඩ මුදල නියම කළේ. බුද්ධිමය දේපල පනතේ පැමිණිලිකරුට හිමි අයිතිවාසිකම් මෙම කෘතිය තුළින් විත්ති පාර්ශ්වය උල්ලංඝනය කර ඇති බවට මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා තීරණය කළා. එසේම මෙම කෘතිය මුද්‍රණය කිරීම සහ අලෙවි කිරීම වළකාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කෙරුණා. විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සිටියදී සාකච්ඡාවට ලක්වූ විවිධ ලියකියවිලි මෙම කෘතියට අඩංගු බවත් ඇතැම් ලියකියවිලි අනවසරයෙන් උපුටා පළකිරීමෙන් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කර ඇති බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 11:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්