Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ලබන සතියේ පිලිපීනයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 10:15

ජනපති ලබන සතියේ පිලිපීනයට

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ලබන අඟහරුවාදා පිලිපීනය බලා පිටත්ව යනවා. ඒ පස් දින නිල සංචාරයක් වෙනුවෙන්.

පිලිපීන ජනාධිපති රොදි‍්‍රගෝ ඩුටර්ටේ මහතාගේ නිල ආරාධනයකට අනුවයි සංචාරය සිදුවන්නේ.

දෙරට අතර දේශපාලන , ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහල නංවාලීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වෙනවා.

ලබන බදාදා ද්විපාර්ශ්වික හමුව සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපතිතුමා පිලිපීනයේ පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 10:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්