ඇෆ්ගනිස්ථානය එල්ලවූ තලේබාන් ත්‍රස්ත ප්‍රහාරවලින් ආරක්ෂක නිලධාරීන් තිස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
තවත් විස්සකට අධික පිරිසක් තුවාල ලැබූ බවයි ඇෆ්ගන් වාර්තා සදහන් කළේ.
පලාත් හතරක ආරක්ෂක මුරපොල ඉලක්ක කරගනිමින් තලේබාන් ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඇමරිකා හමුදා සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා පවතින අවස්ථාවක මෙවැනි ප්‍රහාරයක් එල්ලවීම ගැටලු සහගත බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.